රට ගැන හෙට විශේෂ විවාදයක්

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනි.

මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ප්‍රශ්නය ඇතුළු රටේ ආර්ථික සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

රටේ මෙපමණ ආර්ථික ප්‍රශ්න පවතිද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු පාර්ලිමේන්තුවට මේ දක්වා පැමිණ නැතැයිද ඔහු චෝදනා කළේ.

විවාදයේදී පළමු කතාව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පවත්වනු ලැබීමට නියමිතය. මෙම විවාදය එදින පෙරවරු 11.00සිට සවස 5.30 දක්වා පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?