කතෝලික සභාවෙන් විශේෂ ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත්ව නඩුවක් ගොනු කරන ලෙස කතෝලික සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ද එහි චූදිතයන් ලෙස නම් කරන ලෙසයි කතෝලික සභාව එම ලිපිය මගීන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර ප්‍රහාරය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව අද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව සිය නිවේදනයේ කරුණු රැසක් සඳහන් කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වන නිසා එම චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි නීති විශේෂඥයින් පෙන්වා දෙන බව පැවසෙන මාධ්‍ය වාර්තා සංසරණය වෙමින් පැවති බව එම නිවේදනයේ සඳහන්.

අපරාධ නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති සියලු නිලධාරින් සම්පුර්ණයෙන් මුදා හැරීමක් සිදුවනු ඇතැයි කතෝලික සභාව තුළ කනස්සලක් උද්ගතව ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44