AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ පිපිරීම් 3ක් – යුක්රේනයේ යුද උණුසුම ඉහළ යයි

නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා හි එම පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනෙට්ස්ක් හි රුසියානු හිතවාදියකු වන කැරලිකාර හමුදාවේ එසේත් නැතිනම් බෙදුම්වාදී හමුදාවේ ආරක්ෂක ප්‍රධානී ඩෙනිස් ශිනෙන්කොව් ඉලක්ක කර මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ඔහු එම රථයේ නොසිටි නිසා ඔහු අනතුරක් සිදුව නොමැත.

එම ජිප් රථයේ පළමු පිපිරීම සිදුව ඇති අතර දෙවැනි පිපිරීම සිදු වී ඇත්තේ ගෑස් නලයක වේ.තුන්වෙනි පිපිරීම සිදුව ඇත්තේ ලුහන්ස්ක් නගරයේ ඉන්ධන හලකය.

මෙම පිපිරීම්වලින් පසු සිවිල්වැසියන් ලක්ෂ 7 ක් රුසියාව වෙත යැවීමට තීරණය කර තිබෙන බව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයා ඩෙනිස් පුෂිලින් පැවසීය.

රුසියානු හිතවාදී කැරලිකරුවන් යුක්රේන හමුදාවන්ට පිපිරීම් පිළිබඳ චෝදනා එල්ල කරයි. යුක්රේන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. යුක්රේන හමුදා පවසා ඇත්තේ තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. නමුත් කැරලිකාර හමුදා පැවසුවේ යුක්රේන හමුදා සමග යුද්ධයක් දැනටමත් ආරම්භ වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?