දරුවා පැහැරගෙන ගිය ” හොරණ නීලක” පොලිස් වෙඩි පහරින් නසියි

අහසට වෙඩි තබා තම දරුවා පැහැරගෙන ගිය බවට වාර්තා වූ හොරණ නීලක නැමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය මිත්තණිය භාරයේ සිටි දරුවෙකු පැහැරගෙන ගොස් තිබුණේ හොරණ, කඳන ප්‍රදේශයේදී.

අදාළ දරුවාගේ පියා වන හොරණ නීලක නැමැත්තා විසින් එම පැහැරගැනීම කර ඇති බව පොලිසිය පැවසුවේ.

සැකකරු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු වන අතර නීලක නැමැත්තා අදාල නිවස ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා මෙලෙස සිය දරුවා පැහැරගෙන ගොස් තිබුණා.

ඔහු මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති අතර හෙට දින පරිවාස භාරයට පත් කිරීමට නියමිතව සිට ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53