මත්කුඩු ජාවරම්කරුගෙන් හමුවූ ඇදහිය නොහැකි වත්කම්

මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මේ දක්වා සොයාගත් වැඩිම වටිනාකමකින් යුත් දේපළ හමුව ඇත්තේ දෙමටගොඩ රුවන් සතුව තිබී බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආනාවරණ කරගෙන ඇත.

ඔහු සතුව තිබී මේ වනවිට අනාවරණ කරගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79ක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන ඇත්තේ 2011 වසරේදී ගංජා ජාවාරමින් සැකකරු විසින් නීති විරෝධී ව්‍යාපාර ආරම්භ කර ඇති බවයි.

අනතුරුව දෙමටගොඩ රුවන් නමැති මෙම සැකකරු 2017 වසරේ සිට මහපරිමාණ මත්කුඩු ගෙන්වීම ආරම්භ කර ඇති බවද අනාවරණය වී ඇත.

එම සියලුම දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත. ඒ අතර අධි සුඛෝපභෝගී මෝටර් රථ 09ක් ද වෙයි.

පොලිසිය අනාවරණකරගෙන ඇත්තේ දෙමටගොඩ රුවන් මිලදී ගෙන ඇති සියලුම මෝටර් රථ එම කාලය වන විට අදාළ සමාගම් විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් රථ බවය. එම මෝටර් රථවල වටිනාකම පමණක් කෝටි 09ට ආසන්න වෙයි.

එමෙන්ම රුපියල් කෝටි 16ක් පමණ වටිනා ඉඩම් තුනක් රුපියල් කෝටි 02ක් පමණ වටින රත්‍රං කිලෝ එකමාරක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම දෙමටගොඩ රුවන්ට හිමි රුපියල් කෝටි 09කට ආසන්න ස්ථාවර තැම්පතු කිහිපයක්ද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම්කර ඇත.

ඔහුට අයත් තවත් සංචාරක හෝටල් කිහිපයක් පිළිබඳවද පොලිසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ දෙමටගොඩ රුවන්ගේ දේපල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශන නවත්වන ලෙස ඉල්ලා ඔහු විසින් එම නිලධාරීන්ට රුපියල් කෝටි 05ක මුදලක් ලබාදීමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් එය ප්‍රතික්ශේප කර ඇති බවයි.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් සෙයාගත් වැඩිම වටිනාකමකින් යුත්දේපල සොයාගෙන ඇත්තේ වෙලේ සුදාගෙන් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 18කි.

ඒ අනුව මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මෙතෙක් සොයාගත් වැඩිම වටිනාකමක් සහිත දේපළ ඇත්තේ දෙමටගොඩ රුවන් සතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?