මත්කුඩු ජාවරම්කරුගෙන් හමුවූ ඇදහිය නොහැකි වත්කම්

මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මේ දක්වා සොයාගත් වැඩිම වටිනාකමකින් යුත් දේපළ හමුව ඇත්තේ දෙමටගොඩ රුවන් සතුව තිබී බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආනාවරණ කරගෙන ඇත.

ඔහු සතුව තිබී මේ වනවිට අනාවරණ කරගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79ක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන ඇත්තේ 2011 වසරේදී ගංජා ජාවාරමින් සැකකරු විසින් නීති විරෝධී ව්‍යාපාර ආරම්භ කර ඇති බවයි.

අනතුරුව දෙමටගොඩ රුවන් නමැති මෙම සැකකරු 2017 වසරේ සිට මහපරිමාණ මත්කුඩු ගෙන්වීම ආරම්භ කර ඇති බවද අනාවරණය වී ඇත.

එම සියලුම දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත. ඒ අතර අධි සුඛෝපභෝගී මෝටර් රථ 09ක් ද වෙයි.

පොලිසිය අනාවරණකරගෙන ඇත්තේ දෙමටගොඩ රුවන් මිලදී ගෙන ඇති සියලුම මෝටර් රථ එම කාලය වන විට අදාළ සමාගම් විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් රථ බවය. එම මෝටර් රථවල වටිනාකම පමණක් කෝටි 09ට ආසන්න වෙයි.

එමෙන්ම රුපියල් කෝටි 16ක් පමණ වටිනා ඉඩම් තුනක් රුපියල් කෝටි 02ක් පමණ වටින රත්‍රං කිලෝ එකමාරක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම දෙමටගොඩ රුවන්ට හිමි රුපියල් කෝටි 09කට ආසන්න ස්ථාවර තැම්පතු කිහිපයක්ද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම්කර ඇත.

ඔහුට අයත් තවත් සංචාරක හෝටල් කිහිපයක් පිළිබඳවද පොලිසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ දෙමටගොඩ රුවන්ගේ දේපල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශන නවත්වන ලෙස ඉල්ලා ඔහු විසින් එම නිලධාරීන්ට රුපියල් කෝටි 05ක මුදලක් ලබාදීමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් එය ප්‍රතික්ශේප කර ඇති බවයි.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් සෙයාගත් වැඩිම වටිනාකමකින් යුත්දේපල සොයාගෙන ඇත්තේ වෙලේ සුදාගෙන් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 18කි.

ඒ අනුව මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මෙතෙක් සොයාගත් වැඩිම වටිනාකමක් සහිත දේපළ ඇත්තේ දෙමටගොඩ රුවන් සතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16
Video thumbnail
කුණ්ඩසාලේ පානිය ජල ගැටලුව ගැන ප්‍රබල හෙළිදරව්වක්..අති විශාල මඩ ප්‍රමාණයක් තැන්පත්වෙලා
05:24
Video thumbnail
මෙයාලා කොහොමත් හොරු..අමුතුවෙන් හොරකම් කරන්න නෑ..රාජිත සැරටම ආණ්ඩුවට කිව්ව කතාව
05:06
Video thumbnail
රටට වෙන හානියට ජනපති ඔයත් වගකිය යුතුයි - අජිත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
04:37
Video thumbnail
මං ඇමතිකම් දරලා තියෙනවා - ඔහොම චෝදනා නෑනේ..ලාල්කාන්තගේ තියෙන වත්කම් මටනම් නෑ
03:34
Video thumbnail
එකම විකල්පය සජිත් ප්‍රමුඛ සජබයේ අපි..රට භාරගන්න ඉන්නේ අපි..ආණ්ඩුව ගල් අඟුරු හොරුවෙලා දැන්
02:24