රටේ මුල්‍ය තත්ත්වය ගැන අවබෝධයට ගෙන කටයුතු කරන්න – ජනපති හෙද සංගමයට කියයි

“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්න” යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගත් බවත් එක් පිරිසක ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරන බැවින් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් සියලුදෙනා අවබෝධ කරගත යුතු කරුණක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට අද උපදෙස් ලබාදුන්නා.

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කෙරුණා.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගට උපදෙස් ලබා දෙනු ලැබුවා.

අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග සඳහන් කර සිටියේ.

II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14