හිටපු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක් – දේපොළ වලට දැඩි හානි

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමට අයත් අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට දේපල හානි කරමින් පලා ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

එලෙස හානි සිදු කර ඇත්තේ අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ නල්ලයියා පුරට්සිදාස නැමත්තාගේ නිවසටයි.

එම පිරිස ගෙමිදුලේ දේපල රැසකට හානි කොට යතුරුපැදියකටද දැඩි හානි කොට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පහරදීම සිදු වන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා නිවස තුල සැඟව ඇති අතර ප්‍රහාරයෙන් පසුව තෙලිප්පලෙයි පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව අදාල ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ අරඹා ඇති අතර මේ දක්වා කිසිවෙකුත් හඳුනාගෙන නොමැති බවද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36