මෙය චිත්‍රපටයක් නොවේ : සැබෑ සිදුවීමක්

නමින් මම්මික්කා වන මේ කතාවේ කතා නායකයාගේ වයස අවුරුදු 60ක්. ඔහු ජිවත් වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේයි. වෘත්තියෙන් දෛනික කුලී වැඩ කිරීමෙන් ජීවිකාව සරිකර ගන්නා ඔහුගේ ජීවිතය වෙනස් වුයේ කැමරා ශිල්පීයෙකු ගේ උත්සාහය නිසාවෙන්ය.

ෂෙරික් වයාලීල් නමි වූ මෙම කැමරා ශිල්පියා ද කේරළ ප්‍රාන්තයේ ජිවත්වන අතර ඔහු මංගල ඇඳුම් මැසිමේ ව්‍යාපාරයක ද හිමිකරු වනවා.

මෙම ජායාරූප ශිල්පියාට දිනක් අපේ මේ කතා නායකයා වන මම්මික්‌කා අහම්බෙන් මුණ ගැසෙන අතර එහිදී ඔහුට අපුරූ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සිය විවාහ මංගල ඇඳුම් ව්‍යාපාරයේ නිරූපණ ශිල්පියෙකු ලෙස ජායාරූප කිහිපයකට පෙනී සිටින ලෙසයි.

තමන්ට ලැබුණු ඉල්ලීමට පළමුව අකැමත්ත පළකර සිටින මම්මික්කා අවසානයේදී ෂෙරික් වයාලීල් ගේ බලවත් ඉල්ලීම නිසා ඊට කැමැත්ත පළකර සිටිනවා.

ඒ අනුව මංගල ඇඳුමින් සැරසෙන මම්මික්කා ගේ ජායාරූප කිහිපයක් සහ වීඩියෝවක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට මුදා හැරීමට ෂෙරික් වයාලීල් පියවර ගෙන තිබුණා.

කුලී වැඩකරන පුද්ගලයෙකු තුල සැඟවී සිටින අපුරූ නිරූපණ ශිල්පියෙකු ඉස්මතු කරලීම ගැන ෂෙරික් වයාලීල්ට මෙන්ම මම්මික්කාට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.