මතුගම වෙඩි තැබීමක් : කාන්තාවක් ජිවිතක්ෂයට

මතුගම, බාලිකා පාර ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවක්.

මෙම වෙඩිතැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවට මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇති කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඝාතනය සඳහා අදාළ සැකකරුවන් පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරන්නේ.

ඔහු එම අවස්ථාවේ නිවසේ සිට ඇතිමුත් වෙඩි තැබීම්වලින් ඔහුට හානියක් සිදුවී නැහැ.

කෙසේ වෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර එම ස්ථානයේ වැටී තිබී ටී 56 උණ්ඩ කොපු 06 මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේ.

මතුගම මහේස්ත්‍රාත්වරයා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර දේහය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ඝාතනයට හේතුව, ඝාතනය සිදුකළ සැකකරුවන් සහ ඒ සඳහා යොදාගන්නා ලද ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51