ආන්දෝලනාත්මක අධිභාර බද්ද ගැන මුදල් ඇමති කතා කරයි

රුපියල් මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,

“2022 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත් කරපු අයවැය කතාවේදී 68 වන පිටේ 7.9යේ එක්වරක් පමණක් අයකරන බදු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකෙදී පැහැදිළිව කිව්වේ 2020 සහ 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් බිලියන 2000කට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක්වරක් පමණක් අයකරන සියයට 25ක අධිභාරයක්. බද්දක් අයකිරීමට යෝජනා කරනවා කියලා.

මෙම බද්ද මගින් රුපියල් බිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා. මෙහෙම තමයි ඒ 68 වෙනි පිටේ තියෙන්නේ. පැහැදිළිව අපි ඒ වෙලාවේ බලාපොරොත්තු වුනේ බිලියන 100යි ඒකෙදි සමාගම් සහ පුද්ගලයන් ඒ අනුව අපි අඳුරගත්තා 69 දෙනෙක්. ඒ 69 අපි ගණන් හැදුවම දැනට බිලියන 105ක් හමුවෙනවා.

මොනම අවස්තාවකවත් අපි බලාපොරොත්තු වුනේ නෑ. සේවක අර්ථසාධක අරමුදලෙන් හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වගේ අරමුදල් 11ක් තියෙනවා ඒ එකක් වත් ඇතුල් කරන්න. එහෙම කරොත් තව බිලියන 85ක් වගේ ආදායමක් ලැබෙනවා. අපි ඒක ඇස්තමේන්තු කරේම නෑ.

නමුත් ගිය ආණ්ඩුවේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතෙන් මේ අරමුදල් 11ත් ආදායම් බදු ගෙවිය යුතු ආයතන ලෙස හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේකට අධිභාරය අයිති වෙනවයි කියලා මතයක් මහජනයා අතර පැතිරිලා තිබුනා. ඒකත් අපි කැබිනට් මණ්ඩලයේදී පැහැදිලි කරලා මේ අරමුදල් 11ම මේ බද්දෙන් නිදහස් කළ බව සඳහන් කරන්න ඕන. ” මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58


?