ගොඩනැගිල්ලක තට්ටුවක් කඩා වැටීමෙන් 13කට තුවාල

නැගෙනහිර ලන්ඩනයේ මත්පැන් ශාලාවක වහළයක තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩන් ගිලන්රථ සේවයේ උපායමාර්ගික අණදෙන නිලධාරී බ්‍රයන් ජෝර්ඩන් පවසා තිබෙන්නේ ගුවන් ගිලන්රථයේ කණ්ඩායම් එම ස්ථානයට යවා ඇති බවයි.

එමෙන්ම ලන්ඩන් ගිනි නිවන ඒකකයේ ස්ථානාධිපති සචා ක්ලෙමන්ට් උඩුමහලේ සිරවී සිටි පුද්ගලයින් හත් දෙනෙකු  ගිනි නිවන භටයන්  විසින් සොයා ගත් බව සඳහන් කරනවා

එමෙන්ම  පුද්ගලයන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?