AFC Banner
Empty Ad
Empty Ad

සෞදියේ ගෑස් අනතුරකින් ලාංකිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට : එක් අයෙකුගේ සිරුර අද දිවයිනට

සෞදි අරාබියේ දමාම් නුවර දී ගෑස් අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන් දෙනාගෙන් එක් අයෙකුගේ දේහය අද (12) මෙරටට ගෙන්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කලේ මිය ගිය සෙසු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව රැකියා සඳහා සෞදි අරාබියට ගොස් සිටියදී ගෑස් අනතුරකින් ඔවුන් මිය ගියේ පසුගිය ජනවාරි 27 වනදායි.

පෞද්ගලික කටයුත්තක නියැලෙමින් සිටියදී ඔවුන් එම අනතුරට ලක්ව ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මේ අතර සෞදි අරාබියේ අභා ගුවන් තොටුපල අසළ ඊයේ (11) සිදු වූ ඩ්‍රෝන අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම පිළිබඳව තානාපති කාර්යාල සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩව සොයා බැලෙන බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?