සෞදියේ ගෑස් අනතුරකින් ලාංකිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට : එක් අයෙකුගේ සිරුර අද දිවයිනට

සෞදි අරාබියේ දමාම් නුවර දී ගෑස් අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන් දෙනාගෙන් එක් අයෙකුගේ දේහය අද (12) මෙරටට ගෙන්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කලේ මිය ගිය සෙසු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව රැකියා සඳහා සෞදි අරාබියට ගොස් සිටියදී ගෑස් අනතුරකින් ඔවුන් මිය ගියේ පසුගිය ජනවාරි 27 වනදායි.

පෞද්ගලික කටයුත්තක නියැලෙමින් සිටියදී ඔවුන් එම අනතුරට ලක්ව ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මේ අතර සෞදි අරාබියේ අභා ගුවන් තොටුපල අසළ ඊයේ (11) සිදු වූ ඩ්‍රෝන අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම පිළිබඳව තානාපති කාර්යාල සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩව සොයා බැලෙන බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03