AFC Banner
Empty Ad
Empty Ad

ඇකිරියේ භූ කම්පන 3ක්

මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ.

අද අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙම භූ කම්පන සිදුවූ බවත් මහ හඬක් නංවමින් හා පොළව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මෙම භූ කම්පන පැවති බවත් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.

භූ කම්පනයත් සමගම ඇතැම් නිවාසවල වහල සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඩක් දැනුනු බවත් ඇකිරිය ප්‍රදේශයේ හේන් යායවල ගොවීහු පිරිසක්ද කියා සිටියහ.

කෙසේ වෙතත් මෙම භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?