2020.08.05 දින අනුරාධපුර පොලිස් වසමේ දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී ”SF ලොක්කා” නම් සංවිධානාත්මක අපරාධකරු ඝාතනයේ සැකකරුවෙක් ඊයේ (07) දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අනුරාධපුර පොලිස් වසමේ කුඩා පාලඩිකුලම ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධය සිදු කිරීම සදහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කරමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 39 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා.










