පොලිසියෙන් ඇසුණු අමුතු කතාව : ෆේස්බුක් පෙම්වතා සොයා ගිහින් යලි නිවසට ඇවිත්

ගම්පොළ නිල්ලඹ කාර්යාල හන්දිය ප‍්‍රදේශයේ දී අතුරුදන්වූ බවට ලද පැමිණිලි අනුව පොලිස් නිල සුනඛයන් ද යොදා සොයන ලද 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියදී භාරකරුවන් විසින් දින 2 කට පසු ගලහ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.

සිය නැන්දාගේ (පියාගේ සොයුරිය) නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී ඇය අතුරුදන් වූ බවට ගලහා පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණ.

දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි ඇමතුමක් අනුව පෙම්වතියක් වී ඇති මෙම දැරිය දිගින් දිගටම එම පෙම්වතා සමඟ කතාබස් කර ඇත.

එම පෙම්වතා බගවන්තලාව ප‍්‍රදේශයේ අයකු බව පවසා ඇත. ඔහුගේ ඡායාරූපයද දැරියගේ දුරකථනයට එවා ඇත.

පසුගිය 7 දා නිවැසියන්ට හොර රහසේ මෙම දැරිය සවස පහට පමණ රෙදි බෑගයද රැගෙන ප‍්‍රධාන මාර්ගයට පැමිණ පසුව ත‍්‍රිරෝදයකින් ගම්පොළට පැමිණ තිබේ. ත‍්‍රිරෝදයේ සිටි රියදුරුගෙන් රුපියල් සීයක් ඉල්ලාගෙන ඇති දැරිය හැටන් බලා ගොස් එහි බැස එතැනින් බගවන්තලාව බස් රථයකින් බගවන්තලාව නගරයට පැමිණ ඇත.

මහ රෑ බගවන්තලාවට යයි

රාත‍්‍රී 11. 30 ට පමණ පෙම්වතා යැයි කිවූ අයට ඇය පැමිණ ඇති බව දුරකථනයෙන් පැවසීම නිසා එම පෙම්වතා ඔහුගේ ආච්චී හා නැගණිය සමග එහි පැමිණ තිබේ. නමුත් දුරකතනයට එවූ ඡායාරූපයේ ඉන්නේ ඔහු නොවන බව ඇය හඳුනා ගැනීම නිසා ඒ පිළිබඳව විමසීමේදී එම තරුණයා පවසා ඇත්තේ ඡායාරූපයේ සිටින කෙනා මීගමුව ප‍්‍රදේශයේ සිටින බවයි.

බලාපොරොත්තු සුන්වූ දැරියට ආච්චිගෙන් නවාතැන්

මේ නිසා ඇගේ බලාපොරොත්තු සුන් වී තිබේ. නමුත් එහි පැමිණි ආච්චි විසින් මෙම දැරිය රැගෙන ගොස් එදින රාත‍්‍රී ඇගේ නිවසේ නවාතැන් දී පසුදා දැරියට රුපියල් 400 ක මුදලක් ලබාදී මීගමුවට යන ලෙස පවසා ඇත.

දැරිය පසුදා කොළඹ බස් රථයකට නැග කොළඹට විත් පසුව යළි මීගමුව බලා ගොස් තිබේ. සවස හයට පමණ මීගමුවට මෙම දැරිය යන අවස්ථාවේ

බගවන්තලාව මිතුරා කළ දැනුම්දීමකට හා දැරියගේ දුරකථන ඇමතුමකට අනුව ඡායාරූපයේ සිටි කෙනා බස් නැවතුමට පැමිණ තිබේ.

ඡායාරූපයේ සිටි කෙනා මීගමුවට ඇවිත්

නමුත් එම පුද්ගලයා දැරියට පවසා ඇත්තේ තමන් කාටවත් ඡායාරූප යවා නොමැති බවයි.

පසුව දැරිය විසින් ඇගේ මවට කතා කර යළි මීගමුවේ සිට එදින රාත‍්‍රියේම මහනුවරට පැමිණ තිබේ.

පසුදා අලූයම 1.30 ට පමණ දැරිය නුවර බස් නැවතුම්පළට පැමිණෙන විට ඇගේ මව හා අනෙකුත් ඥාතීන් එහි පැමිණ සිටි අතර දැරිය පසුදා ගලහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

පොලිසිය විසින් දැරියගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ. දැරිය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ල අනුව ගලහා පොලිසිය විසින් නිල සුනඛයන් ද ගෙන්වා පරීක්ෂණ සිදුකර තිබුණි.

එසේම ගම්වාසීන් හා ඥාතීන් එක්ව මෙම දැරිය සොයා ගම්මාන කිහිපයක හා අවට ගල් ගුහා කැලෑබද ප‍්‍රදේශ මෙන්ම බෝක්කු හා පාළු නිවාසවල පවා ඇය සොයා තිබේ.

ඇඳුම් බෑගයත් මාරුවෙයි

මෙම දැරිය ආදරවන්තයා සොයා යෑමට කලින්ම සැලසුම් කර තිබී ඇති අතර ඒ අනුව ඇඳුම් බෑගය පවා සූදානම් කර තිබී ඇත.

නමුත් ඇය රහසින් පලා යන අවස්ථාවේ සූදානම් කර තිබූ ඇඳුම් බෑගය මාරු වී ගෙදර තිබූ වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඒ අනුව එම වැරැදි බෑගයේ තිබී ඇත්තේ නැන්දාගේ රෙදි හා සාරි කිහිපයකි.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ‍්‍රීයන්ත පීරිස් මහතාගේ උපදෙස් මත ගලහා වැඩබලන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

(ගම්පොළ – සුරංග දිල්හාන්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04