කෝටි තුනහමාරේ හඬ පටය පත්තු වෙයි,සභාපති ඇතුලු නිලධාරීන්ගේ වැඩ තහනම් 

සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා ගනුදෙනු හේතුවෙන්  සතොස සභාපතිවරයා ඇතුලු  නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ  වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජය ආයතන ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් කියවෙන හඬ පටයක් පසුගිය දිනවල එම ආයතනයේ ප්‍රධානීන් අතට පත්ව ඇත.

එම හඬ පටයට අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවට මෙම නිලධාරියා සෘජුව හා වක්‍රව සම්බන්ධ ගනුදෙනුවලින් එකක් පමණකි. තවත් අක්‍රමිකතා රැසක් එම හඬපටයෙන් අනාවරණය වන බව ආයතන ආරංචි මාර්ග කියයි.

එම හඬපටයෙන් කියැවෙන පරිදි මෙම රුපියල් කෝටි තුනහමාර ලබාදී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත එය ලබාගැනීම වෙනුවෙනි. ඔහු මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව ද ආරංචි මාර්ග කියයි.

එයට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්‍රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇති බවද එම හඬ පටයෙන් හෙලිවේ.

ගනු දෙනුවලට අතරමැදියා වූ ප්‍රවාහන අංශයේ කළමණාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැත. ඔහු එසේ සේවයට වාර්තා නොකිරීම නිසා කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමණාකරුට ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාට ඒ ගැන දැනුවත් කර තිබේ. එහිදි තම ගෝලයා බේරා ගැනීම සඳහා මෙම සභාපතිවරයා පැය දෙකකට ආසන්න කාලයක් පෙර කී ව්‍යාපාරිකයා සමග සාකච්ඡා කර ඇති බවද එම හඬපටය අනුව අනාවරණය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53