යාචකයාගේ හොර සාක්කුවෙන් හමු වු මුදල් කන්දරාව

හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි. 

හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි හැට නව හැවිරිදි ඊ.එස්.විමලදාස යන අයකු පෙරේදා (10) දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහලට පෙරලි ගොස් මෙලෙස මියගොස් තිබුණි.

හක්මන නගරයේ සිගමන් යදිමින් ජිවත්වූ ඔහු අවිවාහකයෙකු වන අතර ඔහු හේවිසි වාදන ශිලිපියෙකු ලෙස කටයුතු කර ඇති බවත් මියයන විටත් කුඩා නිවසක තනිවම ජිවත්වී තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හදිසි  මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ මරණකරු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් හමුවු බව හක්මන පොලිසිය පවසයි.

හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී ගලගම මහතා විසින් මිය ගිය අයගේ හදිසි මරණ පරික්ෂණය සිදුකළ අතර ඊ.එස්.විමලදාස යන අය  මරණ පරීක්ෂණයේදි සාක්සි ලබාදිමට කිසිවකුත් ඉදිරිපත් නොවීය. මියගිය අයට කිසිදු ඥාතියකු එම ප්‍රදේශයේ නොමැති අතර හක්මන නගරයේ සිගමන් යදිමින් ජීවිකාව ගෙනගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි.

මියගිය අයගේ සිරුර හමුවු ස්ථානය අසල ඇති ඔහු පදිංචිව සිටි කුඩා නිවස පරික්ෂාකළ නිලධාරිහු එහි තිබු දැඩි ලෙස කළු පැහැ ගැන්වි ඇති කොට කලිසමක් පරික්ෂා කිරිමේදී එහි රහස් සාක්කු කිහිපයක තිබි මෙම විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇත

හදිසි මරණ පරික්ෂකවරා ඉදිරියේදී එලෙස සොයාගත් රුපියල් පන්දහස, දහස, පන්සියය, සීයය, පනහ, විස්ස,දහය යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු සහ විවිධ අගයන්ගෙන් යුත් කාසිවල වටිනාකම ගණනයකළ අතර රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැට හතක මුදලක් තිබූ බව පොලිසය කියයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06