මොරොක්කෝවේ දරුවාට අත් වූ ඉරණම සිදුවෙන්න දෙන්න එපා : පරිසර ඇමතිගෙන් දැඩි උපදෙස්

පස්, කළුගල්, වැලි, හා මැටි වැනි ඛනිජ සම්පත් කැණීම් සිදු කෙරෙන ස්ථාන මෙන්ම දැනට එම ව්‍යාපෘති අවසන් කළ ස්ථාන සියයට 100ක් ම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් එමෙන්ම කැණීම් ස්ථාන සියල්ලම පාහේ මරඋගුල් බවට පත්ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (09) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දී තිබෙනවා.

විශේෂයෙන් කළුගල්, වැලි, පස් හා මැටි කැණීම් බලපත් නිකුත් කරනු ලබන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගිනි. නමුත් වසර ගණනාවක් තිස්සේ නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම නිසා එම කැණීම් ස්ථාන සියල්ලම පාහේ මේ වනවිට මිනිසාට මෙන්ම සතුන්ට ද මරණය කැඳවන මර උගුල් බවට පත්ව තිබේ. කැණීම් සිදු කළ ඇතැම් ස්ථානවල මීටර් පනහක් හැටක් තරම් විශාල ගැඹුරු වළවල් සෑදී ඇත. මේවාට ඇද වැටීම නිසා වන සතුන් මෙන්ම ඇතැම් ගෘහස්ථ සතුන් ද විශාල වශයෙන් මරණයට පත් වේ.

එමෙන්ම පාරිසරික වශයෙන් ගත් කළ එවැනි ස්ථාන ඉතාමත් අශෝබන දර්ශනයක් බවට පත් ව තිබේ.මේ නිසා එවැනි කැණීම් ස්ථාන පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළීවෙළක් වහාම අරඹන්නැයි අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් දැනුම් දුන්නේ.

2021 වසර ආරම්භයේ පටන්ම විශේෂ පුනරුත්ථාපන වැඩ සටහනක් අරඹන ලෙස තමන් උපදෙස් දී තිබුනත් එවැනි වැඩ සටහනක් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන්ට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි ද එම ලිපියේ සඳහන් වේ. මෙම ස්ථාන බොහොමයක ජලය පිරී පවතින නිසා ඒ ආශ්‍රිතව මහජනතාවට ජීවනෝපාය සංවර්ධන වැඩ පිළීවෙළවල් පවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එමෙන්ම එම ස්ථාන මහජනතාවට ආකර්ශණීය ස්ථාන බවට ද පත් කිරීමට හැකියාව තිබේ.

එමෙන්ම දැනට පුනරුත්ථාපනය නොකළ එවැනි කැණිම් ස්ථාන කොපමණ ප්‍රමාණයක් අප රට පුරා ඇත්ද යන්නත්, එම ස්ථානවල ගැඹුර, හා වෙනත් සියලු තොරතුරු සහිත වාර්තාවක් සතියක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළේ.

පරිසර අමාත්‍යාංශය විසින් මිහිමවට කන්දෙමු යනුවෙන් මේ සඳහා වැඩ පිළිවෙළක් සකස් කළ ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර නොගත්තේය. දැනට කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී පුනරුත්ථාපන ගාස්තුවක් බලපත්‍රලාභියාගෙන් අය කරන නමුත් එම මුදල් කැණීම් ස්ථාන පුනරුත්ථාපනයට මෙතෙක් යොදවා නොමැති බව ද හෙළි වී ඇත.

කැණීම් ස්ථාන පුනරුත්ථාපන වැඩ සටහනක අවශ්‍යතාවය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරි පත් කරන බව සඳහන් කරන අමාත්‍යවරයා මොරොක්කෝවේ රයන් දරුවාට අත් වූ ඉරණම වැනි සිදුවීමක් මෙම කැණීම් ස්ථාන ආශ්‍රිතව සිදු විය හැකි බැවින් ඊට ඉඩ නොතබා වහාම මෙම ස්ථාන පුනරුත්ථාපනය සඳහා පියවර ගත යුතු බවත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12