තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා. පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මතයි.

රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය 05 වැනිදා මෙම දැනුම්දීම සිදුකර ඇති අතර සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ලේකම්වරයා පවසනවා.

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් භාවිතා කර තිබිණි. මේ නිසා අදාල සිදුවීමේ වගකීම පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද දැරිය යුතු බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවට ජනාධිපති ලේකම් කාර්යාලය නියෝග කර තිබෙනවා.

මෙම වාහනය භාවිතා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද ලේකම්වරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12