“මට ඇති ලෙඩක් නැහැ.. ලෙඩ තියෙන්නෙ උඹලටයි” – කොවිඩ් පැතිරූ පාර්ලිමේන්තු සේවකයාට දැඩි අවවාද

උණ ඇතුළු කොවිඩ් ලක්ෂණ ඇති බව දැන දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි පැවසෙන කොවිඩ් ආසාදිත සේවකයකුට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ පිරික්සුම් අංශයක සේවය කරන මේ සේවකයා පසුගිය දිනෙක මුහුණ රතුවී තවත් විවිධ ලක්ෂණද සහිතව ඉතා අපහසුවෙන් සිටිනු දැක ඇති සහෝදර සේවකයන් ඒ ගැන ඔහුට පවසා කොවිඩ් පරීක්ෂණයකට වහාම යොමු වන ලෙස දැනුම්දී ඇත. මේ අවස්ථාවේදී ඔහු “මට ඇති ලෙඩක් නැහැ. ලෙඩ තියෙන්නෙ උඹලටයි.” යනුවෙන් පවසමින් බැන වැදී ඒ සේවකයන් වරින් වර බලහත්කාරයෙන් වැළඳ ගෙන ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව ඔහු කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමට පසුව පියවර ගෙන ඇත. ඔහුට කොවිඩ් ආසාදනයවී ඇතැයි එම පරීක්ෂණයේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.

මේ සේවකයා වැළඳගත් සේවකයා ඇතුළු එම අංශයේ තවත් සේවකයන් පස් දෙනෙකුටද කොවිඩ් වැළඳී ඇති බව පසුව අනාවරණයවී ඇත. සේවකයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා එම අංශයේ සේවකයන් අතරේ කොවිඩ් පැතිර යන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු විශ්වාස කර සිටියි.

පාර්ලිමේන්තුවේ කොවිඩ් පාලනයට වේත්‍රධාරිවරයා දැඩි පරිශ්‍රමයක් දරන අවස්ථාවක ඇතැම් සේවකයන් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම ගැටළු සහගත බව ඒ නිලධාරීහු ප්‍රකාශ කර සිටිනවා.

මේ සේවකයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්ද උණ වැළඳී නිවෙසේ සිටියදී බව දැනගන්නට ඇත.

කොවිඩ් වැළදී ඇතැයි තහවුරු වීමෙන් පසු සේවකයා නිවෙසට පිටත්කර යවා ඇති අතර ඔහු නිවෙසට ගිය පසුවද එළවළු මිලදී ගැනීම සඳහා පොදු වෙළෙඳ පොළට ගොස් සිටියදී ගම්වාසීන් දැක පැමිණිලි කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඔහු නිරෝධායනයට නැවත යොමු කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12