AFC Banner
Empty Ad
Empty Ad

චීනය අපේ භූමිය අල්ලනවා – තවත් චෝදනාවක්

චීනය විසින් ක්‍රමාණුකූලව සිය රටෙහි භූමිය අල්ලාගනිමින් සිටින බව නේපාලය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් නේපාලය නිල වශයෙන් කරුණු ඉදිරිපත්කර ඇත්තේ පළමු වතාවට බව විදෙස් මාධ්‍ය පැවසීය.

නේපාලයේ බටහිර කලාපයේ පිහිටි හුම්ලා නම් දිස්ත්‍රික්කයේ භූමියට චීනය ඇතුළු වෙමින් සිටින බව සඳහන් වෙයි.
 
නමුත් කත්මන්ඩු හි පිහිටි චීන තානාපති කාර්යාලය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

සත්ත්ව පාලනයේ යෙදෙන නේපාල වැසියන්ට චීන බලධාරීන් විසින් විවිධ සීමා පනවන බවද සඳහන් විය.

නේපාලය සහ චීනය අතර දේශසීමාව කිලෝමීටර් 1,400ක් පමණ දුරක් විහිදී යයි.

මේ අතර මෙම තොරතුරු ඇතුළත් වාර්තාවක සඳහන් වන්නේ නේපාල රජය විසින් මතභේදයට ලක්වී ඇති ප්‍රදේශවල හමුදා කණ්ඩායම් රැඳවිය යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?