විශ්‍රාම, සේවක අර්ථසාධක අරමුදලටත් 25%ක අධිභාරයක් ?

25%ක අධිභාර බද්දක් පැනවීම සඳහා අදාළ පනත් කෙටුම්පතෙන්, සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝශික අරමුදල් ද ඇතුළත්වන අයුරින් වගන්ති ඇතුළත් කර ඇතැයි අනාවරණ වනවා. එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන දෙදහස ඉක්මන බදු අය කළ හැකි ආදායමක් උපයන පුද්ගලයෙකුගෙන්, හවුල් ව්‍යාපාරයකින් හෝ සමාගමකින් 25%ක අධිභාරයක් අය කළ යුතු බව මේ කෙටුම්පතේ සඳහන්.

එහි දැක්වෙන්නේ සමාගම යන්නට අදාළ අර්ථ නිරූපණය 2017 අංක 24 දරණ දේශීය අදායම් පනතේ අර්ථයට සමාන විය යුතු බවයි.

දේශීය ආදායම් පනතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝශික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක්ද සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25%ක අධිභාරය අයකර ගැනීමට මේ පනත් කෙටුම්පතෙන් හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දෙන්නේ.

  1. ලොකු ලොකු වියාපාරිකයින්ට බදු සහන දීල අහින්සක මිනිහගෙ ඉතුරුවෙලා තියෙන තුට්ටුදෙකටත් විදින්න හදන තුප්පැහි ආන්ඩුවක් මේක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12