AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාම, සේවක අර්ථසාධක අරමුදලටත් 25%ක අධිභාරයක් ?

25%ක අධිභාර බද්දක් පැනවීම සඳහා අදාළ පනත් කෙටුම්පතෙන්, සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝශික අරමුදල් ද ඇතුළත්වන අයුරින් වගන්ති ඇතුළත් කර ඇතැයි අනාවරණ වනවා. එම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන දෙදහස ඉක්මන බදු අය කළ හැකි ආදායමක් උපයන පුද්ගලයෙකුගෙන්, හවුල් ව්‍යාපාරයකින් හෝ සමාගමකින් 25%ක අධිභාරයක් අය කළ යුතු බව මේ කෙටුම්පතේ සඳහන්.

එහි දැක්වෙන්නේ සමාගම යන්නට අදාළ අර්ථ නිරූපණය 2017 අංක 24 දරණ දේශීය අදායම් පනතේ අර්ථයට සමාන විය යුතු බවයි.

දේශීය ආදායම් පනතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝශික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක්ද සමාගම යන අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25%ක අධිභාරය අයකර ගැනීමට මේ පනත් කෙටුම්පතෙන් හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?