ලොවක් හඬවා නික්මගිය රයන් නැවත ඉපදෙයි

මොරොක්කෝවේ Rayan දරුවාගේ මරණය ප්‍රකාශ කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, පලස්තීනයේ උපත ලැබූ කුඩා බිළිඳෙකුට රයන් යනුවෙන් නම් තැබීමට එම තරුණ දෙමාපිය යුවළ පියවර ගෙන තිබෙනවා.

පලස්තීන තරුණයෙකු වන හම්සා මන්සූර් සහ ඔහුගේ බිරිඳ විසිනුයි මෙම නම් තැබීම සිදුකර ඇත්තේ.

මොරොක්කෝවේ දරුවාගේ අභාවය ලොවක් කම්පා කිරීම හමුවේ පලස්තීන තරුණ යුවළට ද එම කම්පනය දැනී තිබෙනවා.

 මේ හේතුව මතයි අදාළ දරුවා සිහි වීම වෙනුවෙන් ඔවුන් තම බිළිඳා රයන් ලෙසට නම් තබා ඇත්තේ.

පස්දිනක් පුරා පස් යට සිරවී සිටි පස් හැවිරිදි මොරොක්කෝ ජාතික දරුවා දුෂ්කර හා වෙහෙසකාරී මෙහෙයුම ඛේදාන්තයක් කරමින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.

දරුවා පොළෝ කුහරයෙන් ගොඩගෙන සුළු වේලාවකට පසු මොරොක්කෝ රජු මේ ඛේදජනක ප්‍රවෘත්තිය ලොවට සැල කළා.

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ හි කඳුකර පෙදෙසෙක පිහිටි විෂ්කම්භය අඟල් 18ක් තරම් කුඩා එහෙත් අඩි 104ක් ගැඹුරු නල ළිං කුහරයකට රයන් ඕරම් ඇද වැටී තිබුණේ පසුගිය අඟහරුවාදායි.

ඒ අනුව නළලිං කුහරයට සමාන්තරව පොළොව අභ්‍යන්තරයට උමගක් කණිමින් රයන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා.

වැලි සහ ගල් සහිත පස් ස්ථරය හේතුවෙන් මෙහෙයුම සිතූ තරම් පහසු වූයේ නැහැ.

බ්‍රහස්පතින්දා පොළෝ කුහරට තුළ යැවූ කැමරාවකින් ලැබුණු දර්ශන රයන් නිරුපද්‍රිතව සිටින බව තහවුරු වුණා.

ඒ අනුව ඔක්සිජන්ල ආහාර සහ ජලය කුහරය තුළට යවනු ලැබූවද ඒවා භාවිත කළද යන්න නිශ්චිත නැහැ.

රැයක් දවාලක් නොමැතිව සිදු කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුම් ඊයේ අවසන් අදියරට පැමිණියත් අවසානය වඩාත් අභියෝගාත්මක වූයේ සුළු අත්වැරද්දකින් විශාල කළු ගලක් දරුවා මතට ඇද වැටීමේ අවදානම නිසායි.

ඒ සියලු අභියෝග මැඩ ගනිමින් අද අලුයම වනවිට රයන් පිටතට රැගෙන ඒමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වුණා.

එහිදී දරුවාගේ තත්ත්වය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොවුණද රැස්ව සිටි පිරිස දරුවා රැගෙන එන දුටු සැණින් ප්‍රිතිඝෝෂා නඟන්නට වුණා.

නමුත් මිනිත්තු කිහිපයකින් සියලු හදවත් කම්පා වූයේ පස් දිනක් පොළෝ ගැබක නිමක් නැති අන්ධකාරයක හා හුදෙකලාවක සිරව සිටි රයන් නම් කුඩා  මනුෂ්‍ය ප්‍රාණියා දෙව්මව් තුරුළට ගිය බව නිවේදනය කිරීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59
Video thumbnail
ඔයාලගේ අමුඩේ ගලවලා තමයි අපි එළවන්නේ - ටී.බී සරත් කියපු කතාව ඉල්ලා අස්කරගන්නා
07:09
Video thumbnail
SPA හිමියෝ මානව හිමිකමට යයි - පොලිස් ලොක්කොන්ට වැඩ වරදියි..?
15:51
Video thumbnail
රතු කට්ට පැන්න ගොවි නායකයෝ ආණ්ඩුවට පොල් ගහයි
04:12