සංචාරකයින් ගැන ඕස්ට්‍රේලියාව ගත් තීරණය

සියලුම වීසා බලපත් හිමියන් සඳහා ලබන 21 වනදා සිට දේශසීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු රජය අද තීරණය කර තිබෙනවා. එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ලබන අතර නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද ඔවුන්ටම පවරා ඇත.

විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සඳහන් කර ඇත.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු බවද ඇය සඳහන් කර සිටියේ.

පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13