මැති, ඇමති, නිලධාරී ඉන්ධන හා දුරකතන ගාස්තුවලට සීමා

රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙත පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අද (07) රැස්වන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එ අනුව 2022 විසර්ජන පනතේ සඳහන් සීමා තුළ අමාත්‍යංශ සිය වියදම් කළමනාකරණය කරගත යුතු අතර අමතර ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු යැයි උපදෙස් ලබාදී ඇත.

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ගෙවනු ලබන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත ගෙවනු ලබන ඉන්ධන දීමනාවෙන් මසකට ලීටර් 05ක් හෝ ඒ හා සමාන මුදල් ප්‍රමාණයක් අඩු කිරීමටද උපදෙස් දී තිබේ.

විදුලිබල වියදම් සියයට 10කින් අඩු කිරිම සඳහා ක්‍රමවේද සකස් කිරිමට නියමිතය. එමෙන්ම දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හා නව කාර්යාල ඉදිකිරීම අයවැය යෝජනා මගින් යෝජිත පරිදි වසර දෙකක කාලයකට අත්හිටුවා තිබේ.

2022 වර්ෂය තුළ රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීම අත්හිටුවා ඇත. ආයතනේ මනා පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය තනතුරුවල පුප්පාඩු පිරවීම සඳහා හැර ඒකාබද්ධ අරමුදලින් විදයස් දරන්නට වන ආයතන සඳහා නව කාර්යමණ්ඩල බඳවා ගැනීම අත්හිටුවා තිබේ.

නව ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර ප්‍රතිපාදන නොමැතිව ලබාගන්නා ගොඩනැගිලි සඳහා කුලි ගෙවීමට අදාළ අමතර ප්‍රතිපාදන නොදීමට තිරණය කර ඇත.

දේශීය අරමුදල් භාවිත කරමින් විදේශ අධ්‍යන චාරිකා සංවිධානය නොකළ යුතු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් නිල රාජ්‍යමය නිශ්චිත සහභාගිත්වයක් අත්‍යාවශ්‍ය නොවන්නේ නම් දේශීය අරමුදල් මගින් වියදම් දරමින් සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා නිලධාරින් සහභාගී නොකළ යුතු යැයි උපදෙස් දී තිබේ.

නිල අධිකාරී බලයක් නොමැතිව අමාත්‍යාංශ හෝ අයතන මට්ටමින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර උපදෙස් මත විවිධ දීමනා ගෙවීම නොකළ යුතුය යනුවෙන් හා දැනට කෙරිගෙන යන ව්‍යාපෘතිවලට අදාළ අතැති හෝ නිරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් නොකර නව කාර්යයන් ආරම්භ නොකළ යුතුය යනුවෙන් උපදෙස් දී තිබේ.

එමෙන්ම 2022-01-12 දිනැති රාජ්‍ය මුදල් චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම තුළින් දුරකතන වියදම් පාලනය කිරීමට නියමිතය. 2021 පනත 6 (01) වගන්තිය අනුව නව කාර්යන් සඳහා අමතර ප්‍රතිපාදන ඉල්ලීම් ඉදිරිත් නොකිරීමටද උපදෙස් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14