ඇමති සනත් නිශාන්ත ගෙන් සැර ප්‍රකාශයක්

ඇමති සනත් නිශාන්ත ගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් රජය ආරක්ෂා කරන බවට කතොලිකයෙක් ලෙස සැකයක් පවතින බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා පවසනවා.

රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියේ මහකුඹුක්කඩවල ගම්මාන කිපයක් ආවරණය වන ආකාරයට ලක්ෂ 43 ක මුදලක් වැය කරමින් ඉදිකළ විදුලි අලි වැට විවෘත කිරීමේ අවස්ථාව එක්වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මෙසේ කියා සිටියා.

“පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කළා කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, එදා හිටපු පොලිස්පතිතුමා අද ඉන්නේ හිර ගෙදර නම්, එදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුණේ නැත්නම්, සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක් වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂියත් කතා කරනවා.

ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අ පේ නායකයෝ දෙදෙනාත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න උවමනායි”

මෙම අවස්ථාවට එක්වු කාදිනල් මැල්කම් රංජීත් හිමිපානන් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා,

“මේ ප්‍රශ්ණය අපි ඇති කරපු දෙයක් නොවෙයි. වෙන කවුරු හරි කරපු දෙයක්.මේ පිළිබදව ජනාධිපති කොමිසමේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එදා රටේ හිටපු නායකයින් මේ සඳහා පැහැදිලිවම වගකිව යුතුයි කියලා.ඒ වාගේම දැන දැනත් එය වළක්වන්න කටයුතු කළේ නැහැ කියලා.

ඒ අයගේ ලයිස්තුවක් දාලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාගෙන් පටන් අරන් පොලිස් නිළධාරියා දක්වා පැහැදිලිව. අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙවල් නොවෙයි කරන්න පුළුවන් දේවල්.

හිටපු ජනාධිපති පැහැදිලිවම මේ ප්‍රහාරයට වගකිව යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා ඒ නිසා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලන්නේ පැහැදිලිවම. තමන්ට විතරක් වාසි වන විදිහට නොවෙයි. එක පැත්තක් විතරක් කථා කරලා අනිත් පැත්ත කථා නොකර ඉදිම වැරදියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16