විදුලි බිල්පත් ගාස්තු වැඩි කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පියවර අනුගමනය කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව ඔවුන් පවසන්නේ, මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසිය යුතු බවයි.
එසේ වැඩි කිරීමට ඉල්ලීමක් ලැබුනහොත් එය රජයේ සහනාධාරයක් අවශයෙන් ලබා දෙනවා ද, නැත්නම් විදුලි බිල වැඩි කිරීමක් කරනවා ද යන්න සම්බන්ධයෙන් රජයෙන් විමසා බැලීමක් සිදුකරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
නමුත් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.













