මියගිය දේශපාලනඥයන්ගේ නෝනලාටත් විශේෂ රැකවල්

හිටපු (පැරදුණු ) මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ  මියගිය  දේශපාලඥයන්ගේ ඇතැම්  බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අයට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට  වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව දැනගන්නට ඇත.

ඇමැති ආරක්ෂක අංශයේ  මෙපමණ   නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැතිඇමැතිවරුන්,  දේශපාලනඥන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට  ලබා දීමට සිදුවීම නිසා නිලධාරි හිඟයක් ඇතිවීමෙන්  එම අංශයේ රාජකාරි කටයුතුවලට විශාල ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේදී  මේ ගැටලුව තදින්ම දැනෙන  බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනකුද අභාවප්‍රාප්ත හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද පසුගිය කාලයේදී  ඝාතනයට ලක්වූ  ඇමැතිවරයකුගේ බිරිඳට  ආරක්ෂකයන් දෙදෙනකුද  යොදවා ඇතැයි   පවසන එම ආරංචි මාර්ග  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  බැංකු ගිණුමකින් රුපියල් කෝටි ගණනක්  හොරෙන් ලබාගත් බවට  චෝදනා ලැබූ නිලධාරියාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටින  බව සඳහන් කරයි.

නායක ස්වාමීන්වහන්සේලා පිරිසකට ලබාදී ඇති   ප්‍රභූ ආරක්ෂකයන් ගණන   38 කි.

රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක  ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති  පිරිස්වලට මෙලෙස  ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයන් රැසක්  රජයට සහ මුදල් ඇමැතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි  දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12