නිදහස ලැබී වසර 74 යි

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා.

වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.

74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.

යුධ හමුදාවේ 3463 ක් / නාවික හමුදාවේ 919 ක් / ගුවන් හමුදාවේ 804 ක් / පොලිසියේ 336 ක් / පොලිස් විශේෂ කාර්ය බලකායේ 282 ක් / සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 437 ක් සහ ජාතික ශිෂ්‍යභට ඛණ්ඩයේ 259 ක් ඒ අතර වනවා.

මේ අතර ජාතික නිදහස් දින උළෙල හේතුවෙන් අද අලුයම 05 සිට කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?