AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් තවත් 14 දෙනකු අද හඳුනාගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් සඳහන් කර සිටිනවා. මේ පිරිස හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන් 65 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජන කළ අවස්ථාවේදී. එම පරීක්ෂණය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා.

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ 25 දෙනෙක් ඉකුත් ජනවාරි 31 වෙනිදා සොයා ගනු ලැබූ අතර ඔවුන් අතර පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයාද විය.

කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක්ද පසුගිය සති කිහිපයේදී කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති අතර කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47ක්.

කොවිඩ් ආසාදිත කතානායකවරයා මේ වනවිට සුවය ලබා සිටින අතර ඔහුගේ නිරෝධායන කාලය ලබන සඳුදා අවසන්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?