අනු නමයෙන් බේරුණු විදේශීය යුවළ

විදේශික යුවළක් ගමන් ගත් මෝටර් රථයකට අද දහවල් වනඅලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ප්‍රදේශයේදී මෙම වනඅලි ප්‍රහාරය එල්ලවී ඇත.

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ යුක්‍රේන ජාතික යුවළක් වන අතර ඔවුන් අද වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මාර්ගය අයිනේ සිටි මෙම වනඅලියා දැක එහි නතරවී තිබෙනවා.

පසුව ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එහිදී වන අලියා ඔවුන් දෙසට පැමිණ ඇති අතර ඉන් බියවී ඇති එම විදේශික යුවළ දුවගොස් තිබූ අතර එහිදී වනඅලියා ඔවුන් පැමිණි රථය දෙසට ගමන් කර ඊට පහරදී ඇත.

වනඅලි ප්‍රහාරයෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙක් සිය රථයේ නලාහඬ නංවා වනඅලියා වනයට පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.

පසුව අදාළ විදේශිකයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන තිබූ හෝටලයට ගොස් තිබූ අතර වන අලි ප්‍රහාරයට ලක්වූ රථය මින්නේරිය පොලීසිය විසින් එම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?