අනු නමයෙන් බේරුණු විදේශීය යුවළ

විදේශික යුවළක් ගමන් ගත් මෝටර් රථයකට අද දහවල් වනඅලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ප්‍රදේශයේදී මෙම වනඅලි ප්‍රහාරය එල්ලවී ඇත.

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ යුක්‍රේන ජාතික යුවළක් වන අතර ඔවුන් අද වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මාර්ගය අයිනේ සිටි මෙම වනඅලියා දැක එහි නතරවී තිබෙනවා.

පසුව ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එහිදී වන අලියා ඔවුන් දෙසට පැමිණ ඇති අතර ඉන් බියවී ඇති එම විදේශික යුවළ දුවගොස් තිබූ අතර එහිදී වනඅලියා ඔවුන් පැමිණි රථය දෙසට ගමන් කර ඊට පහරදී ඇත.

වනඅලි ප්‍රහාරයෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙක් සිය රථයේ නලාහඬ නංවා වනඅලියා වනයට පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.

පසුව අදාළ විදේශිකයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන තිබූ හෝටලයට ගොස් තිබූ අතර වන අලි ප්‍රහාරයට ලක්වූ රථය මින්නේරිය පොලීසිය විසින් එම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?