හෙට දිනට යෙදෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව බන්ධනාගාර 07ක සිටින සිරකරුවන් 197 දෙනෙකුට එලෙස ජනාධිපති සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.
මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක් සහ වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් සඳහා එලෙස විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.















