තවත් සභාපතිවරයෙක් හදිසියේ ඉල්ලා අස්වෙයි

CNN සභාපති ජෙෆ් සකර් හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

CNN පුවත් සේවය වර්තමාන තත්ත්වයට දියුණු කිරීමේ නියමුවා ලෙස ඔහු සැලකෙයි.

CNN පුවත් සේවය වාර්තා කළේ ජෙෆ් සකර්, CNN හි ඉහළ නිලයක් දරන කාන්තාවක් සමග රහස් සම්බන්ධයක් පවත්වා ඇති බව හෙළිවීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවය.
    
සකර් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔහු විසින් CNN හි ප්‍රමුඛ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන ක්‍රිස් කුඕමෝ ඉවත් කිරීමෙන් අනතුරුවවීම බොහෝදෙනා පුදුමයට පත්කර තිබේ.

ඔහුගේ සහෝදරයා වන නිව් යෝර්ක් හි හිටපු ආණ්ඩුකාර ඇන්ඩ්රු කුඕමෝ ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ලවූ විට එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දුන් බවට ක්‍රිස් කුඕමෝ ට එරෙහිව චෝදනා එල්ලවුණි.
      
“ක්‍රිස් කුඕමෝ ගේ CNNහි කාලය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී මගෙන් විමසීමක් කළා මා සහ මගේ සමීපතම සගයා අතර ආදර සම්බන්ධයක් තිබේද යන්න ගැන. මම සහ ඇය වසර විස්සක් පමණ එකට වැඩකළේ. මම පිළිගත්තා එවැනි සම්බන්ධයක් මෑත කාලයේදී ඇතිවුණු බව. මම එය හෙළිකළ යුතුව තිබුණා. නමුත් එහෙම වුණේ නෑ. මම වැරදියි. ඒ නිසා මම ඉල්ලා අස්වෙනවා,” යනුවෙන් සිය සහෝදර සේවකයින්ට ඔහු ලිඛිතව දන්වා තිබුණි.
 
සකර් සිය සගයාගේ නම එහි සඳහන් කර නොතිබුණි.

නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම තැනැත්තිය වන්නේ CNN හි අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇලිසන් ගොලස්ට් බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04