වැඩ ලක්ෂය දොරට වඩී

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් “අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩි කර ආදායම් ඉහළ නැංවීම මෙම සංවර්ධන වැඩසටහනේ අරමුණ වෙන තර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් ලබාදීමට නියමිතයි.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවන් අදහසකි.

“එක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ප්‍රධානම බලාපොරොත්තුව ජනතා සහභාගීත්වය. ජනතාව විසින් තෝරා ගන්නා ප්‍රදේශයේ, සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි මේකේ අදහස. රජය සපයන්නේ අරමුදල් පමණයි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවට භාරදීලා තියෙන්නේ. ඔවුන් විසින් යෝජනාව ඉදිරිපත් කරනවා. දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු තමයි මුල්‍ය බලධාරියා වෙන්නේ. ඒ නිසා මේක වචනයේ පරිසමාප්තියෙන්ම විමධ්‍යගත කරලා තියෙන්නේ මුදලින් කිව්වොත් බිලියන 85ක් ඍජුව ගම සමග පිළිසඳර සඳහා අයවැයෙන් වෙන්කරලා තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12