AFC Banner
Empty Ad
Empty Ad

ආධාර අස්සේ කොවිඩ් රිංගු රාජ්‍යය වසා දමයි

ටොංගා දූපත් රාජ්‍යය වසා දැමීමට එහි අග්‍රාමාත්‍ය සයෝසි ස්වලේනි තීරණය කර තිබෙනවා. ඒ, ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව අද සවස 06 සිට ටොංගා රාජ්‍යය අගුළු දමන බවයි එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. රට වසා දැමීමෙන් අනතුරුව සෑම පැය 48 කට වරක් තත්ත්වය සමාලෝචනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ටොංගා රාජ්‍යය පැවතුනේ කොරෝනා ආසාදිතයින් නොමැති අතලොස්සක් වූ රටවල් අතරයි. එහෙත් ප්‍රබල ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ඉකුත් දා බලපෑ දරුණු සුනාමි තත්ත්වය හමුවේ ටොංගා දූපත්වලට විදෙස් රටවල මානුෂීය ආධාර ලබා ගැනීමට සිදුවුණා. ඒ, එම දූපත් වැසියන්ට පානීය ජලය හා ආහාර නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තය ප්‍රධාන තවත් රටවල් රැසක් ටොංගා රාජ්‍යයට මානුෂීය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ අතර රටවල් රැසකින් ආධාර රැගත් විශාල නෞකා ටොංගා දූපත් වෙත ලගා වුණේ ඒ අනුවයි. එහිදී ටොංගා රාජ්‍යයේ අගනුවර වරායකින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එබැවින් වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙලෙස රට වසා දැමීමට තීරණය කළ බවයි එරට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. විදෙස් රටවලින් ලැබෙන ආධාර කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන පරිදි බෙදා හැරීමටත් ටොංගා රාජ්‍යය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ටොංගා රාජ්‍යයේ දූපත් අගුළු දැමීමත් සමග කිසිදු බෝට්ටුවකට එක් දූපතක සිට තවත් දූපතකට යාමට ඉඩ නොදෙන අතර, දූපතකින් දූපතකට ගුවන් යානා පියාසර කිරීමට ද අවසර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?