පුටින් අමෙරිකාවට අනතුරු අඟවයි

රුසියාව, යුක්‍රේනය තුළ යුද්ධයකට තල්ලු කිරීමට අමෙරිකාව උත්සාහ කරන බව රුසියානි ජනාධිපති ව්ලැද්මීර් පුටින් චෝදනා කරයි.

මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සති කිහිපයකට පසුව ඔහු විසින් සිදුකළ පළමු ප්‍රකාශය එය බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

පුටින් පවසන්නේ, අමෙරිකාවේ අභිප්‍රාය වන්නේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකර එය දඩමීමා කරගෙන රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීම බවය. 

යුරෝපය තුළ ස්ථාන ගත කර ඇති නේටෝ හමුදා ගැන රුසියාව දක්වන විරෝධය ඇමෙරිකාව විසින් නොසලකා හරිමින් සිටින බව ඔහු තවදුරටත් පැවසීය. 

මේ වනවිට යුද ආම්පන්න සහ ප්‍රහාරක යානා ද සහිතව රුසියානු භටයින් 100,000ක් පමණ යුක්‍රේන දේශසීමාව අසලට කැඳවීමට රුසියාව කටයුතු කර තිබේ.

එබැවින් ජාත්‍යන්තර දේශපාලන කරලියේද ඇතිවී ඇත්තේ නොසන්සුන් තත්ත්වයකි.

නමුත් රුසියාව පවසන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බවය.

එහෙත් මීට වසර 8කට පමණ පෙර යුක්‍රේන පාලනයේ පැවති ක්‍රිමියා අර්ධද්වීපය රුසියාව විසින් ඈඳා ගැනීමත් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ කැරළිකරුවන්ට රුසියානු හමුදා සහාය ලැබීමත් හේතුවෙන් ජාත්‍යන්තරය රුසියාව දෙස බලන්නේ සැකයෙනි.

යුක්‍රේන බලධාරීන් නැගෙනහිර කලාපයේ සාමය ස්ථාපනය කිරීමට අපොහොසත් වී ඇති බව රුසියාව චෝදනා කරයි.

මේ වනවිට රුසියාවේ සහාය ලබන සටන්කාමීන් එහි විශාල ප්‍රදේශයක් පාලනය කර අතර නිතර ඇතිවන ගැටුම් හේතුවෙන් මේ දක්වා 14,000ක් පමණ මියගොස් තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10