කොග්ගල වෙළඳ කලාපයේ කම්හල් 6කට කොරෝනා පැතිරෙයි

කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

ඊයේ (20) දිනය තුල නව ආසාදිත රෝගින් 05 දෙනෙකු වාර්තා වී ඇති බවද කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.

මේ වන විට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ පි.සි ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇති බවද පවසයි.

මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇතිවි තිබෙන කොරෝන පොකුර පාලනය කිරිම සම්බන්ධව සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල්ඩිගොල් ශාලාවේ දි පැවැත්විණි. කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් වල කළමණාකරුවන් සෞඛ්‍ය බලධාරින් හා ආරක්ෂක අංශවල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. කොග්ගල නිදහස් වෙළද කළාපය තුල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් මාර්ග උපදෙස්වලට අනුව කටයුතු සිදුවනවාද යන්න පිළිබද අධික්ෂණය කිරිම සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනිමට ද මෙහිදි තිරණය වි ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06