බංග්ලාදේශ හිමිනම නිහඬ විරෝධතාවක

බංග්ලාදේශ හිමිනම නිහඬ විරෝධතාවක

පාස්පෝට් එක පැහැරගත් නිසා මවගේ මරණයටත් යන්න බැරිවුණා හිමිනම හැඬූ කඳුළින් මාධ්‍යයට කියයි.

තමන් වහන්සේ වැඩසිටි කාමරයේ දොරගුළු කඩා බලහත්කාරයෙන් ඇතුළුවී තමාට අමානුෂික ලෙස පහරදී අතවර කොට සිය විදේශ ගමන් බලපත‍්‍රය, මුදල් හා භාණ්ඩ පැහැර ගෙන ගොස් වසර 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා සාධාරණ පරීක්‍ෂණයක් ඉටුවී නැතැයි චෝදනා කරමින් බංග්ලාදේශ ජාතික තරුණ භික්ෂූන් වහන්සේ නමක් විරෝධතා පුවරුවක් අතැතිව ඊයේ (28 දා) නීතිපති දෙපාර්තමේන්තුව අසල නිහඬ විරෝධතාවයක නිරතවිය.

2012.12.06 වැනිදා රාත‍්‍රි මහරගම පිළිකා රෝහලේ සුබසාධක මධ්‍යස්ථානයේ වැඩසිටියදී තමන් වහන්සේ එම හිංසාවලට ගොදුරුවූ බවත් අවස්ථා කිහිපයකදීම මහරගම පොලිස් ස්ථානයට හා පොලිස්පති සහන මැදිරියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

නීතිපති දෙපාර්තමේන්තුවට පිවිසෙන මාර්ගය අසල බිම වාඩිවී ඊයේ (28දා) උදෑසන පැය කිහිපයක්ම එලෙස නිහඬ විරෝධතාවයක නිරතවූ උන්වහන්සේ අසලට පැමිණි කෙසෙල්වත්ත පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු දුරකථන මාර්ගයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සම්බන්ධ කිරීමට පියවර ගත්හ.

කඩිනමින් උන්වහන්සේට සාධාරණයක් ඉටුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා එකඟවීම නිසා මේ වනවිට පිළියන්දල මඩපාත ශෛලතලාරාමයේ වැඩවසන බංග්ලාදේශ සෝබිත හිමියෝ එම විරෝධතාවයෙන් ඉවත්වූහ.

සිය විදේශ ගමන් බලපත‍්‍රය පැහැර ගැනීම නිසා සිය මවගේ මරණයේ අවසන් කටයුතුවලට හෝ සහභාගිවීමට නොහැකිවූ බවත් බංග්ලාදේශයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ පැවිදිවී හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී තමන් එකී අවාසනාවන්ත තත්ත්වයට පත්වූ බවත් උන්වහන්සේ හැඬූ කඳුළින් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12