මෙන්න මේ ප්‍රදේශවල ඔයා ජිවත් වෙනවනම් කොවිඩ්වලින් මැරෙන්නැතිව ජිවත් වෙන්න වරම්

ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ්  මරණවල සැලකිය යුතු  අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ  සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.

එවැනි පරිසර පද්ධති ආශ්‍රිතව  ඔක්සිජන් සැපයුම ඉතා හොඳින් සිදුවන හෙයින්  එම  තත්වය ඊට ප්‍රමුඛව සහ  ප්‍රබලවම  හේතුවන්නට ඇතැයි  සෞඛ්‍ය විශේෂඥයෝ  විශ්වාසය පළ කරති.

කොවිඩ්  රෝගය වැළඳුණු  බොහෝ දෙනකුට  ඔක්සිජන්  අවශ්‍ය කෙරෙන අතර   එවැනි රෝගීන් බොහෝ දෙනකු පසුගිය කාලයේදී  මියගියේද   ඔක්සිජන්  හිඟතාව  පදනම් කරගෙන බව
සෞඛ්‍ය අංශ පවසයි.

ඔමික්‍රෝන්  පැතිරීමත් සමග  කොවිඩ්  රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් පමණද ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට   8 කින් පමණද  ඉහළ ගොස් ඇති බව කොවිඩ්  සම්බන්ධීකාරක  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර එළිමහන් ස්ථානවලට( සංවෘත )  සාපේක්ෂව දොර ජනෙල් වැසුණු කාමර, උත්සවශාලා  වැනි ස්ථානවලින් කොවිඩ් වයිරසය  වේගයෙන් පැතිරෙන බවට සොයා ගෙන ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

විශේෂයෙන්ම වායු සමීකරණය සහිත ස්ථානවලින් කොවිඩ්  පැතිරීම  වේගයෙන්ම  සිදුවිය හැකි බවත්  හිරු එළිය හොඳින් පතිත වන ස්ථානවල කොවිඩ්  ඇතිවීම සියයට  50කින් පමණ අඩුවන්නේ යැයි  පෙනී ගොස් ඇති බවත්  හෙතෙම වැඩදුරටත්  පෙන්වා දුන්නේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23