ලංකාවේ වැඩිම ජංගි හොරු ඉන්නේ ගම්පහ

මානසික අවුලක් ද ? ලබා උපන් හැටි ද කියන්න දන්නේ නෑ මහත්තයෝ

මානසික ව්‍යාධීන් මානසික වියවුල් වලින් පෙළෙන්නන් කවර ආකාරයක වූ ජන සමාජයක වුවද අපට දක්නට ලැබේ.ඉහල පහල පන්ති බේදයකින් තොරව දක්නට අසන්නට ලැබෙන අතර මෙයින් ලිංගිකත්වය සමග ඇතිවන යම් යම් සංකූලතාවයන්ට සමාජයෙන් විවිධාකාරයේ නම් ද පට බැදී තිබේ.

මෑතක දී ආචාර්ය සෝමරත්න දිසානායක ගේ ” අන්ඩර් පෑන්ට් තිෆ් ” චිත්‍රපටය සමග සමාජයේ යලි මෙම මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන්නන් ගැන කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මෙයට පෙර ඔබට මතක ඇති ලංකාවේ “ග්‍රීස් යක්කු” නමින් හැදින් වූ රැල්ලක් බිහිවී තිබු බව.එහිම දිගුවක් ලෙසට අපට මේ යට ඇදුම් හොරුන් එසේ නොමැති නම් එදිනදා ව්‍යවහාරයේ එන “ජංගි හොරුන්” සැලකිය හැකිය.

මේ පිළිබදව අප සාමාන්‍ය සමාජයේ පුද්ගලයන් අතර කල කතාබහ වලදී ඔවුන් බහුතරයක පිළිතුර වූයේ මෙම මානසික ව්‍යාධීන්ට නීතිමය වශයෙන් පියවරක් ගන්නවා නම් වඩාත් උචිතම දේ නම් ඔවුන් පුනුරුත්තාපනය කිරීම බවයි.සුළුතරයක අදහස වූයේ දැඩි ලෙස දණ්ඩනයට ලක් කිරීමෙන් මෙම තත්වයන් මග හැරෙනු ඇති බව සහ ඔවුන්ගේ ඇති විකෘති කාමාශාවන් මෙසේ මානසික ව්‍යාධීන් පිට දමා තෘප්ත කර ගන්නා බවය.

කෙසේ නමුත් අප මේ සම්බන්ධව දැනට සේවයේ නියුතු පොළිස් නිළධාරීන් කිහිපදෙනෙක් සහ විශ්‍රාමික නිළධාරීන් කිහිපදෙනෙකු හා සමග කථාබහක නියැලුනා.ඔවුන් පැවසූයේ මෙම සිද්ධීන් අදක ඊයේක ආරම්භ වූ දෙයක් නොවන බවත් අතීතයේ සිටම මෙම ආකාරයේ සිදු වීම් බොහෝමයක් ඔවුන් දුටු බව සහ ඒ සම්බන්ධව නීතිමය පියවරයන් ද ගත් බවයි.
ආයෝජන ප්‍රවර්ධන කලාපයන්ගේ කුලී පදනම මත නිවෙස් ගෙන සිටින ගැහැණු දරුවන් ඉලක්ක කරගෙන බොහෝමයක් කාමාතුරයන් මෙම ක්‍රියාවන් ආරම්භ කල බව පැවසූ ඔවුන් ඉන් පසු ක්‍රමයෙන් මෙය ගම් දනව් වලට ද පැතිර ගිය බව කියා සිටියා.
ඒ අතරම මේ සම්බන්දව බොහෝමයක් පැමිණිලි ලැබෙන්නේ ගම්පහ . යක්කල ආදී ප්‍රදේශවලින් බවත් ඔවුන් සදහන් කලා.

මෙම ව්‍යාධීන්ගෙන් සමහරෙක් කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කරන බවත ඇතැමෙක් ඔවුන්ගේ අවර ගනයේ ලිංගික ආශාවන් තෘප්ත කොට ගැනීමටම මෙම ක්‍රියාවේ නියැලෙන බවත් ඔවුන් සදහන් කලා.එක් නිළධාරියෙක් සදහන් කලේ මෑතකදී හමුවූ එක් සොරෙක් ගේ විනෝදාංශය වී තිබුනේ භාවිතා කල කාන්තා යට ඇදුම් ආහාරයට ගැනීම බවයි.මෙම ව්‍යාධීන් කෙසේ නම් සුවපත් කළ හැකිද යන්න ගැන අපට අදහසක් නැති නමුත් ඔවුන් කෙසේ හෝ නිවැරදි මාර්ගයට නොගතහොත් වැඩි කල් නොගොස් වටිනා මිනිස් ජීවිත කිහිපයක් නැති වීමට නම් ඉඩකඩ ඇති බව පමණක් අවසානයට මත්තෙන් අප සටහන් කර තබමු.

Grease yaka re-surfaces in Battaramulla following cabinet re-shuffle
CCTV කැමරාවකට හසු වූ ග්‍රීස් යකෙක්
image 13
image 14

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38