තාර බැරල් එකට වැටුනු නාගයාට ප්‍රතිකාර

පෙරේදා රාත්‍රියේ වෛද්‍ය අශාන් ලන්කා හේවාගම මහතා විසින් මාහට දුරකථන ඇමතුමක් ගෙන තාර බැරලයකට වැටුනු නාගයෙකු සිටින බවට පැවසූ අතර ඒ අනුව ක්‍රියාත්මකවී ඊයේ උදෑසනම මාගේ නිවසින් පිටත්වී ගොස් අතරමගදී මාගේ මිත්‍රයෙකු වන දනුක තෙන්නකෝන් සහෝදරයාවත් සම්බන්දකරගෙන කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් පැය හතක පමන කාලයක් වෙහෙසවී ඇස්, නාසය, මුකයේ සිට මුලු ශරීරයේම තාර තැවරී මලානිකව සිටි එම ජීවිතය බේරා ගැනීමට හැකි උනා.
විශේෂම කාරනය නම් මෙම සත්වයා බේරා ගැනීමට අපව කැදවා තිබුනේ කෝටිපති වියාපාරිකයෙකු වන Master land company අදිපති වීමයි. ඔහු කෝටිපති වියාපාරිකයෙකු ඌවත් අසරණ ඌ ඕනෑම සත්වයෙකුට පිහිටවන සුන්දර හදවතක් ඇති මිනිසෙකු වීම සතුටට කරුනක් කිවහොත් මා නිවැරදී ඔහු විසින් මේවනවිටත් අසරණ සතුන් වෙනුවෙන් අක්කර හතක බිම් කොටසක් මිලදීගෙන සත්ව අනාතාගාරයක් සැලසුම් කරගෙනයන බවටත් දැනගන්න ලැබුනා.
ඒවගේම ඊයෙ උදෑසන කාලයේ නිවසින් පිටවගොස් රෑබෝවී යලිත් නිවසට පැමිනෙනතෙක්ම අපහා රැදීසිට සියලු අවශ්‍යතා සපුරාදුන් අශාන් පතිරන සහෝදරයාටත් නම නොදන්නා මාමාටත් ස්තුතිය පුදකලයුතුයි. මේ සියලු දෙනාගේ සහය නොලැබෙන්නට මේ වනවිට මේ වටිනා ජීවිතය අහිමිවී යන්නට තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?