වැඩිකල බස් ගාස්තුව අද සිට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධනයට ලක්වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා

ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ දමා තිබෙනවා

මීට සමගාමිව අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සේවාවන් වලද ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ නැංවෙනවා

විශේෂයෙන් අධිවේගී මාර්ග ගාස්තුද සියයට අධික ප්‍රමාණයකින් නව සංශෝධනයත් සමඟ ඉහළ ගොස් තිබෙනවා

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා කොළඹ – මාතර බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ රුපියල් 100කින්

එහි නව ගාස්තුව රුපියල් 670ක්.

එමෙන්ම මාකුඹුර – මාතර මීට පෙර පැවති රුපියල් 520ක ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?