ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා අද දිවයිනට

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අමාත්‍යවරයා ලබන 10 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටින අතර, එම කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ මූලික අරමුණවන අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් මෙරට තුළ නිල සංචාරයක නිරතවන්නේ 38කට පසුව වීම ද විශේෂත්වයක්.

මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරගේ මෙරට තුළ රැඳී සිටින කාලය තුළ කොළඹ රථවාහන කොට්ඨාසය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාමත්මක කරන බවයි ඊයේ නිවේදනය කළේ.

ඒ, අනුව අමාත්‍යවරයා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගැනෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46