යොවුන් වියේ පසුවන සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලය අවට සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් ක්‍රියාත්මක වන බවත් බොහෝ සිසුන් පිරිසක් මේ වන විටත් මෙම සම්බාහන මධ්‍යස්ථනවල ගොදුරු බවට පත් වෙමින් ඇති බවත් වාර්තා වනවා.
පට්ටිය හන්දිය, තොරණ හන්දිය, දළුගම සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල මෙම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර සරසවි සිසුන් ඉලක්ක කරගෙන විශේෂ සහනදායී පැකේජ ක්‍රමයක් ද පවත්වාගෙන යන බව කියවෙන්නේ.
මෙකී සම්බාහන මධ්‍යස්තානවල සේවය ලබාගත් පලපුරුදු සිසුන්ට සිය සගයන් මෙම ස්ථානවෙත හඳුන්වා දීමේදී විශේෂ වට්ටම් ද ලබා දෙන අතර මේ සම්බාහන මධ්‍යස්ථාන වෙත ඇබ්බැහි වූ සමහර සිසුන් සම්පූර්ණ මහපොළ ශිෂ්‍යාධාරය වියදම් කරන්නේ අදාල සම්බාහන මධ්‍යස්ථානවල සේවය ලබා ගැනීම සඳහා බව හෙළි වී ඇත.
තමන්ගේ නිවසේ රත්තරන් බඩු සොරකම් කර විකුණා සම්බාහන මධ්‍යස්ථාන වෙත ගිය කැලණිය සරසවියේ සිසුවෙක් පිළිබඳ ගම්පොල පොලිස්බල ප්‍රදේශයෙන් හෙළිදරව් වීමත් සමග මෙකී තොරතුරුද දැන් දැන් අනාවරණය වෙමින් පවතී