ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (යූ.එස්.ඒඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මින් ඉදිරියට මෙරටට ලබාදෙන ආධාර නවත්වන බව ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා ඇත.

තවදුරටත් එම කටයුතුවල නිරතවන ඇමරිකානුවන් ගැන මෙරට ආරක්ෂක අංශ මගින් සොයා බැලීම් වහාම නවත්වන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු අරුණට පැවැසීය.

මෙම බලපෑම හේතුවෙන් තවදුරටත් වීසා ලබානොදී මෙරටින් යැවීමට සිටි එම සංවිධානයේ ඇමරිකානු නිලධාරියකුට තවත් වසරක් මෙරට රැඳී සිටීමට පසුගිය සතියේ වීසා ලබා දී ඇත. මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කිරීමකින් තොරව මෙරටට පැමිණ සිටි mark Birnboum නමැති ඇමරිකානු හමුදා නිලධාරියකුට මීට මාස කිහිපයකට පෙර වීසා දීර්ඝ නොකර රටින් පිටව යාමට උපදෙස් දී තිබිණි.

මෙම ඇමරිකානු හමුදා නිලධාරියා ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත් කරමින් මියන්මාරයේ සේවය කර ඇති බවත් මොහු සමග ඇමරිකානු හමුදාවේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුම රහසිගතව මෙරටට ඇතුළු වී ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයක දී තහවුරු විය.

ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය නොවන අයුරින් මෙම නිලධාරීන් වීසා ලබාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාවයක් පදනම් කරගෙන බව එම විමර්ශනයේ දී අනාවරණය විය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ද ඇරැඹීය.

තවදුරටත් මෙරට රැඳී සිටීමට වීසා දීර්ඝ කිරීමට නම් යූ.එස්.ඒඩ්. නිලධාරියාට කොන්දේසි මාලාවක් මෙරටින් ඉදිරිපත් කර තිබූ අතර එය ඉටු නොකර රාජ්‍ය ත්‍රාන්තික බලපෑමකින් වසරකට වීසා දීර්ඝ කරගැනීම පසුගිය සතියේ කටයුතු කර ඇත. මෙරටට විදෙස් ආධාර හා ප්‍රධාන තවදුරටත් ලබානොදන බවට අනතුරු හඟවා මෙම වීසා දීර්ඝය ලබාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16