අතමාරුව පියවන්න බංග්ලාදේශයෙන් සහන කාලයක්

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු ක්‍රමවේදය ඔස්සේ ලබාගත් ඩොලර් මිලියන 200 පියවීම සඳහා තවත් මාස තුනක සහනයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟවී තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා බලධාරීන් කළ ඉල්ලීමක් අනුව බව බංග්ලාදේශ මහ බැංකු නිලධාරියෙක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

බංග්ලාදේශ මහ බැංකුව විසින් අදාළ මුදල කොටස් තුනක් ලෙස ශ්‍රී ලංකාවට නිදහස් කළේ.

එම මුදල සඳහා LIBOR + 2%ක පොලීයක් බංග්ලාදේශ මහ බැංකුවට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුය.