AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදනය වන සියලු දෙනාගේ ජාන විශ්ලේෂණ කරන්නේ නෑ

කොවිඩ් ආසාදනය වන සියලු පුද්ගලයින් ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේදවල සංඛ්‍යා දත්තවල පරස්පරතා පැවැතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි කොවිඩ් ප්‍රභේද වැළදුණු පුද්ගලයින් පිළිබඳව නිසි දත්ත ලබා ගැනීම ගැටලු සහගත බවයි.

“අපි සාම්පල් පරික්ෂාවෙන් සොයා ගන්නා රෝගීන් සංඛ්‍යාව සෑම විටම සම්පූර්ණ සංඛ්‍යාව ලෙස ගණන් ගන්න බෑ. කොවිඩ් -19 පොසිටිව් හැටියට PCR පරීක්ෂණවලට ලක්කළ සියලුදෙනාම නැවත ජාන විශ්ලේෂණයක් කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ මේ සියලුම ඔමික්‍රෝන් ප්‍රභේද අපි හඳුනා ගන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ මේක හැම වෙලේම කොවිඩ් ද නැද්ද කියලා. එහෙමත් නැතිනම් ඔමික්‍රෝන්ද නැද්ද කියලා ඩෙල්ටා ද නැද්ද කියලා බැලු බැල්මට පෙනෙන්නේ නෑ. ඒ වගේම තමා ඔමික්‍රෝන් ප්‍රභේදය අනිත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් හැදෙනවා කියන එක. මේ සියල්ල සිද්ධ වෙන්නේ පැතිරෙන්නට ඉඩ දුන්නොත් විතරයි. අපි පැතිරෙන්නට ඉඩ නොදී සෞඛ්‍ය සම්පන්නව හිටියොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන්නෙත් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?