ආධුනික පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතවර කළ OIC රිමාන්ඩ්

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබ තිබෙනවා.

පොලිසියට ලද පැමිණිල්ලක් මත පසුගිය 24 වෙනිදා රාත්‍රී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණු දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අදාළ සිදුවීම තම පෙම්වතාට දැනුම් දීමෙන් පසු ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයටත්, උසස් පොලිස් නිලධාරීන්ටත් එය දැනුම් දී ඇති බවයි අනාවරණය වෙන්නේ. මේ අතර අදාළ පොලිස් කොස්තාපල්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

පසුව මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයේ ප්‍රථිපල මත සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීමට මුහුණුදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කිරීමට නියමිතව තිබු අතර ඇය වෙනත් පොලිස් ස්ථානයකට අනුයුක්තකර කිරීමට පියවර ගෙන තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23