AFC Banner
Empty Ad
Empty Ad

ආධුනික පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතවර කළ OIC රිමාන්ඩ්

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබ තිබෙනවා.

පොලිසියට ලද පැමිණිල්ලක් මත පසුගිය 24 වෙනිදා රාත්‍රී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණු දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය අදාළ සිදුවීම තම පෙම්වතාට දැනුම් දීමෙන් පසු ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයටත්, උසස් පොලිස් නිලධාරීන්ටත් එය දැනුම් දී ඇති බවයි අනාවරණය වෙන්නේ. මේ අතර අදාළ පොලිස් කොස්තාපල්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

පසුව මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයේ ප්‍රථිපල මත සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීමට මුහුණුදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරිය වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කිරීමට නියමිතව තිබු අතර ඇය වෙනත් පොලිස් ස්ථානයකට අනුයුක්තකර කිරීමට පියවර ගෙන තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?