නත්තලට සුබ පැතුම්

දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොරෝනා වසංගත තත්වය තුළ පුද්ගල වශයෙන්ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටුවහලක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

නත්තල් දින පණිවුඩයෙන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ සමාජයේ යහපත වෙනුවෙන් වැයවීම මගින් සැමට විමුක්තිය උදා කිරීම නත්තලේ ආධ්‍යාත්මික හරය වන බවයි.

එය සමස්ථ මිනිස් වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සියලු දෙනා ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කරන්නේ සමාජයේ පීඩාවට පත් වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රිස්තූන් වහන්සේ මුලු දිවියම කැප කළ බවයි.

දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පිරි සමාජයකට විශ්වාසනීය පදනමක් වූ බව අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි.

අසිරිමත් හදවත් ඇත්තෝ සාමය බෙදාගන්නා බවත් සතුරාට ප්‍රේම කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

නත්තලේ සැබෑ හරයන් ලඟා කර ගනිමින් ප්‍රේමණීය පුරවැසියෙකු ලෙස ජීවිත සකස් කර ගැනීමට නත්තල් දිනය ලබා දෙන රුකුල අතිමහත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළා.මේ මොහොතේ දුෂ්කර සමයක දිවි ගෙවන අසල්වැසියා පිළිබඳවද හැකි පමණ අවධානය යොමු කිරීම මගින් සැබෑ නත්තලේ අරුත සුරක්ෂිත වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?