තමන් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය මුහුදට කඩාගෙන වැටුණොත් සිදුවන දේ ගැන සිතා ගැනීමටත් බැහැ.හොඳින් පීනන්න පුළුවන් නම් ජීවිතය ගැන යම් ආශාවක් තබා ගන්නත් පුළුවන්. ඒක නම් දෛවය එක්ක තීරණය වෙන දෙයක්. අද කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැනයි.
ඊට මුහුණ දුන්නේ මැඩගස්කරයේ පොලිස් දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයායි. පසුගියදා මගීන්ගෙන් පිරීගිය බෝට්ටුවක් මුහුදේ පෙරළීයෑමෙන් අනතුරුව අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීම සඳහා ඇමැතිවරයාද එක්වී තිබීම හැමෝගෙම කතාබහට ලක් වුණා.
නමුත් ඔවුන් ගමන් කරපු හෙළිකොප්ටරය මුහුද මැදදී කඩාවැටී තිබු අතර එහි ගමන් කර තිබුණේ තිදෙනෙක්. පැය 12ක් පමණ පිහිනීමෙන් අනතුරුව පොලිස් අමාත්‍ය සර්ජේ ගෙලේ සහ අනෙක් දෙදෙනා දිවි බේරා ගැනීමට සමත් වුණා. එරට ජනාධිපතිවරයා ඒ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ද තහවුරු කළා.














